ඊයේ(30) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදු කල ආන්දෝලනාත්මක කතාවේදී සඳහන් කල රාජ්‍ය බැංකු විනාශ කිරීමේ කැබිනට් පත්‍රිකාව පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම් බව වාර්තා වෙනවා.
මෙම කැබිනට් සංදේශය සාදා ඇත්තේ කබීර් හෂීම් අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන් වන අතර එම කාලයේදී රාජ්‍ය බැංකු පැවතියේ ඔහු යටතේයි.
රාජ්‍ය බැංකුවල තිබෙන මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට සන්දෙෂයක් පැමිණි බවත් ඒ සඳහා තමන් විරුද්ධ වුන පසු මාස තුනක් කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව කතා කල බවත් ජනාධිපතිවරයා ප්‍රකාෂ කර සිටියා…. ඒය සම්මත වුවානම් අද ලංකා බැංකුව, මහජන බැංකුව, NSB , රාජ්‍ය උකස් යන බැංකු දකින්නටවත් නොහැකිවනු ඇති බවයි ජනපති මෛත්‍රී අවධාරණය කර සිටියේ…