Colombo Today Local News

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

මේ දිනවල චීනයේ නිල සංචාරයකට එක්ව සිටින බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (17)  චීන රජයේ ආගමික කටයුතු පිළිබද අමාත්‍ය Wang Zuoan මහතා හමුවිය. ඒ චීනයේ බිජිං නුවරදී ය. 
මේ සංචාරයේදී මෙරට බෞද්ධ ජනතාවට වාසි රැසක් අත්වන අන්දමේ එකඟතාවන් කිහිපයක් ඇතිකරගෙන තිබේ. මෙහි දී පිළියන්දල ජාත්‍යන්තර බෞද්ධ ආයතනයේ චීන විහාරයක් ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති අතර, ඊට කැමැත්ත පලකළ චීන රජය විසින් එහි ඉදිකිරීම් සඳහා සහයෝගය ලබා දීමට ද එකඟතාවය පළකර ඇත.
තවද බුදුදහම ප්‍රචාරය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත් කිරීම හා  ඒ තුළ සහජීවනය ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සිදුකර දීමටද මෙහිදී චීන රජයේ අවදානය යොමුව තිබේ. ඊට අමතරව  බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා වන එකඟතාවක්ද චීන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන Wang Zuoan මහතා විසින් මෙහි දී පලකර තිබේ.
 
චීන රජයේ ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් සහ බෞද්ධ සංගමයේ Wang Li මහතා ද මේ හමුව සඳහා එක් වූ අතර චීනයේ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන, වයඹ පළාත්සභා මන්ත්‍රී අසංක පෙරේරා, SLCBFA උප සභාපති නිතිඥ සුසන්ත බාලපටබැදි ඇතුළු මෙරට දූත පිරිස මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා ද මේ මේ අවස්ථාවට සහභාගී වූහ.

Related posts

සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට තනිව තරඟ කරනවා

colombotoday

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

colombotoday

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

පුංචි ඡන්ද ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත්, අනාගතයක් එකවර වෙනස් කරයි…

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday