Colombo Today Local News

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ජිවිත පරිත්‍යාගයෙන් කල කැපකිරීම කිසිවකු විසින් අමතක නොකළ යුතු බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

 

”කවුරු මොනවා කිව්වත් මෛත්‍රිපාල සිරිසේන මහතා විශාල කැපකිරීමක් කරලා තමයි අපේ පොදු අපේක්‍ෂකයා බවට එදා පත් වුණේ. එතුමා ජීවිතය කැප කරලයි ඒ තීන්දුව ගත්තේ.

වැරදිලාවත් එදා බොහෝ දෙනා හිතපු විදියට පරාද වුණා නම් මම හිතන්නේ එදා ෆොන්සේකා මැතිතුමාටත් වඩා මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පළි ගන්නවා.

එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් තමයි එතුමාව අපි දිනෙව්වේ. එතුමා ඒ කාරණාව අමතක කරලා නෑ. ජනාධිපතිතුමා විවේචනය කරලා මේ ආණ්ඩුව තුළ නැති අවුල් හදන්න එපා. මොකද දැනටත් එතුමා අපේ ජනාධිපතිතුමා.

අපි ඉදිරියේදී අපේ එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙක් පත්කර ගත්තත් අපි එතුමාට දිය යුතු ස්ථානය ඉදිරියටත් ලබා දෙනවා. ‘

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් පළාත් පාලන ආයතනයන්ට තේරී පත්වූ නවක මහජන නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ හමුවකට සහභාගි වෙමින්ය.

Related posts

සියලු හමුදා නිලධාරීන්ගේ දුරකථන අංක හා අන්තර්ජාල ගිණුම් තොරතුරු ඉල්ලා යුද හමුදා මූලස්‌ථානයෙන් නියෝගයක්‌

colombotoday

ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේ

colombotoday

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

colombotoday

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday