Colombo Today Local News

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ති‍බේ.

නි‍වේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ නව සභාපතිනිය ලෙස ඉනෝකා සත්‍යංගනී මහත්මිය පත් කර ඇත.

තිලකා ජයසුන්දර මහත්මිය ITN හි සභාපති ලෙස පත් කර තිබේ.

සැලසිනේ සභාපතිනිය ලෙස උමා රාජමන්ත්‍රී මහත්මිය පත් කර ඇත.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සිද්ධික් මොහොමඩ් ෆාරුක් මහතා තවදුරටත් ක්‍රියාකරනු ඇති බව නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

කොළඹ වරායේ වෘත්තිය සමිති අරගලයට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday