නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩොසර් කර විනාශ කර දමන ලද විජිතපුර පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණ්ය කිරීම සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ එහි ගියේය.
ඇමතිවරයා එහි තිබුණු මුල්ගල ගලවා විසිකර දැමූ අතර, මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කියා සිටියේ ය.