Colombo Today Local News

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

‍පෙරේදා 06 පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අමතමින් ෆීල්ඩ් මාර්ෂල් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කිරීම පිළිබදව ශ්‍රිලනිප සහ එජාප දෙපාර්ශවයෙන්ම බලවත් විරෝධයක් මතුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රීලනිප මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එජාප සභාපති මලික් සමරවික්‍රමට මේ පිළිබදව දන්වා තිබෙන අතර මලික් සමරවික්‍රම මහතාද ඒ පිළිබදව කණගාටුව පලකර තිබෙනවා.

ඒ අනුව දුමින්ද දිසානායක ඇමතිවරයා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ඉල්ලා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා නව අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙසයි.

මේ අතර සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අගමැතිවරයාට කරුණු දක්වා ඇති අතර, බදාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ගන්නා ලෙස අමාත්‍ය සරත් ෆොන්සේකාට දැනුම් දෙන බව අගමැතිවරයා එම ඇමතිවරුන්ට සහතික වී ඇත.

Related posts

මාව සල්ලාලයෙක් හොරෙක් දූෂකයෙක් කරලා, අත්අඩංගුවට ගන්න හදන බව ආරංචියි

colombotoday

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

සේනක බටගොඩ මහතා අභවප්‍රාප්ත වේ

Admin

පරාක්‍රමබාහු රජතුමා රටවල් අල්ලන්න නැව් නැග්ගේ පොළොන්නරුවෙන්….

colombotoday

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

අංගමැඩිල්ල වනෝද්‍යානයේ අලි පැටවකුගේ හිසට වෙඩි වදී.

colombotoday