Colombo Today Local News

“ගෝඨාභය මේ රට සිංහල බෞද්ධ යැයි සිතන කෙනෙක්… එනිසා ඔහුට දෙමළ ඡන්ද නොදිය යුතුයි” – විග්නේෂ්වරන්

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සැබෑ දමිළ ජාතිකයකු නම් ඡන්දය ලබා නොදෙන බවට උතුරු පළාත් හටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි නිවසේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ කීය.

‘සැබවින්ම දෙමළ ජාතිකයකු නම් කිසිදිනක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන්නේ නැහැ. මේ වන විටත් ඔහුට නඩු දෙක තුනක් තියනවා. ගෝඨාභය මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස සිතන කෙනෙක් එය තහවුරු කරන්න ඔහු ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කරයි. එමෙන්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව සිතන කෙනෙක් නෙමෙයි. එවැනි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂක වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළැයි ද යන්න නම් දන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් දෙමළ වැසියන්ට අඳුරු යුගයක් උදාවෙනවා. ඒ නිසා ඔහුට ඡන්දය ලබා දෙන්න කියලා කියන්නෙත් නැහැ. කිසිම තැනක කියලත් නැහැ. ඒ මගේ ස්ථාවරය” යනුවෙනි.

Related posts

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

colombotoday

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

colombotoday

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday

මයිලඩි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් !

colombotoday

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday

යකඩවලට වඩා මිනිස්කම ගනකම් බව කී අම්පාරේ මුනිවර මිනිස්සු

colombotoday