Colombo Today Local News

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ දිනයේදී නිවසින් අතුරුදන්වූ රණමයුර පදක්කම කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇත්නම් එය නැවත ලබාදෙන ලෙස කලාකරුවන් ඉල්ලීමක් කරයි.

මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ මෙම පදක්කම නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර උපදෙස් ලබාදී ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ පරීක්ෂණ සිදුකරන ලෙසටයි අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

එමෙන්ම වීඩියෝ දර්ශන මාර්ගයෙන්ද අදාල සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ විමර්ශණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද පත්කර ඇති බවයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය ඊයේ උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම පදක්කම අතුරුදන්ව ඇති බවයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ මෙම පදක්කම හිමි විය.

Related posts

වෙඩි වැදුණු දෙමටගොඩ චමින්ද බලන්න ඥානසාර හිමි රෝහලට වඩිති

colombotoday

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

වතුකරයේ දෙමළ ළමුන්ට කුරාණය උගන්වන නීති විරෝධි මධ්‍යස්ථාන හතරක්….

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday