Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්‌

 තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇත.

තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන බව කියමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක්‌ භාරදී තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය පසුගියදා රතු වරෙන්තුවක්‌ නිකුත් කළේය.

මිග් යානා මිලදී ගැනීමේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක්‌ සිදුකළ බව කියන යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා තමා අත්අඩංගුවට නොගන්නැයි කියමින් ජාත්‍යන්තර පොලිසියට පසුගියදා අභියාචනයක්‌ ඉදිරිපත් කර තිබිණි.

Related posts

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි 630 ඉක්මවයි

colombotoday

තෙල් පෝලිමක ගැටුමකින් සරසවි සිසුවෙක් මිය යයි

colombotoday

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයි

Admin