Colombo Today Local News

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් “දිවි හිමියෙන්” අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ “නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ” පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය “පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු” යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය..

“විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා.”

ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද බව සිහිපත් කරන කොළඹ දිස්තික් මන්ත්‍රීවරිය, තමන් ද එවැනි එක් කමිටුවක සාමාජිකත්වය දැරූ බවත් සඳහන් කළාය.

විශේෂයෙන්ම පක්ෂයේ සියලු නිලතල සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් මගින් නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවට රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කළේ “ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජනතාවගේ හඬ” බව අවධාරණය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ, එවැන්නකට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩකඩ ඇසිරී තිබෙන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද බාධාවක් නොමැති බවය.

මන්ත්‍රීවරිය පවසන පරිදි “රුවන් විජේවර්ධන කමිටුවේ සියලු නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය” යන්න ඇය ඇතුලු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඉල්ලීම වී ඇත.

“අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියල කියන්නේ අපි නෙවෙයි; අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ වගේ අගමැතිතුමාගේ ලඟින්ම හිටපු අය තමා දැන් කියන්නේ. අපිත් ඒ මතය දරනවා.”

එසේ නම් පක්ෂ නායකත්වයට පත්විය යුත්තේ කවුරුන් දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, නායකයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ද, නවීන් දිසානායක ඇමතිවරයා ද යන්න තමන් සඳහන් නොකරන බවය.

“ඉස්සරහට නායකත්වය බලාගෙන කවුරු හරි ඉන්නව නම් දැන් හොඳම අවස්ථාව එළියට ඇවිල්ල අපිට නායකත්වය දෙන්න.”

හදිසියේම මෙවැනි උද්ඝෝෂණයක් දියත් කරන්නේ ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෝ බලාපොරොත්තුවෙන්දැයි යන්න ඇයට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

“නියෝජ්‍ය ඇමතිකම කියන්නේ පේන්න දාන නිකම්ම නිකම් සිප්පි කටු මාලයක් වගේ එකක්. නියෝජ්‍ය ඇමතිකම විහිළුවක්. ඉතින් මේ වෙලාවේ ඒ වගේ දේකට අහුවෙනවා කියන්නේ අපිත් අපේ අනාගතේ නැතිකර ගන්නවා කියන එකයි.”

තමන්ට පක්ෂයෙන් එවැනි මට්ටමේ තනතුරක් හෝ නොලැබෙන අතර එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ඇය කියා සිටියාය.

කිසිදු බලයක් නොතිබුන අවස්ථාවක මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව හඬ නගමින් එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාට සහාය දුන් තමා මේ අවස්ථාවේත් “මොන විනය පරීක්ෂණය කළත්” සිය අරගලය අත් නොහරින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

– BBC

Related posts

එජාප, ටීඑන්ඒ ඇතුළු බටහිර බලවේගවල බළල් අතක් බවට ජවිපෙ පත්වෙලා… 20 සංශෝධනය ගෙන්නේ අගමැති රනිල්ට විධායක බලය දෙන්නයි…

colombotoday

“සහල් මාෆියාව පිටුපස ඉන්නේ ජනපති සොයුරෙක් !“… අජිත් පී පෙරේරා

colombotoday

ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

නාදුනන කල්ලියක් කිලිනොච්චියේදී හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ වම් අත් කපා දමයි

colombotoday

ඥණසාර හිමි අත්අඩංගුවට නොගත් නිසා වයඹ DIGට දඩුවම් මාරුවක් !!

colombotoday