Colombo Today Local News

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනවා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරනුයේ අගැමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාව මත බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහා ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේද කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු කියන යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ වුණත් එහි පිටුපස ඉන්නේ අගමැති රනිල්. රට විකිණීම වගේම මහ බැංකු වංචාව වගේ සොරකම් වලටත් විධායක ජනාධිපතිකම බාධාවක් වුණා.  ඉතිරි අවුරුදු එකහාමාරේ බාධාවකින් තොරව බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරන්නේ.

අපිට ජනාධිපති සිරිසේන රකින්න කිසිම උවමනාවක් නෑ.  මතු පරම්පරාවට රට රැක දෙන්න නම් විධායක ජනාධිපති ධූරය තවදුරටත් පවතින්න ඕනෑ කියන මතයේ තමයි පිවිතුරු හෙළ උරුමය විදහට අපි ඉන්නේ. මේ රටට තිබෙන එකම ආරක්ෂාව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. මේ විධායක ජනාධිපති ක්‍රමය කවුරුහරි කෙනෙක් අහෝසි කරන්නට උත්සහ කරනවානම් පිවිතුරු හෙළ උරුමය පක්ෂයක් විදිහට පැහැදිළිවම එයට විරෝධය පලකරනවා.

2009 සිට මේ දක්වාම සංධානයේ ප්‍රතිපත්තිය වුණේ විධායක ජනාධිපති ක්‍රමය සුරැකීමයි.  කිසිම සාකච්ඡාවකින් තොරව හදිස්සියේම මේ ක්‍රමය අහෝසි කරන්න තීන්දු කරන්න කාටවත් බෑ.  මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය තුලත් රට තුලත් විද්වත් සංවාදයක් අවශ්‍යයි.   මන්ද විධායක ජනාධිපති ධූරය නිසා මේ රට ආරක්ෂා වූ අයුරු අපි ඉතිහාසයේ දැක තිබෙනවා. හදිසියෙන් වගේ මේ පිළිබද තීන්දු තීරණ ගන්න අපි කිසිවෙකුටවත් ඉඩ තියන්නේ නෑ.   ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා වගේ නීති විශාරදයින් ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා වගේ දේශපාලන විද්‍යාඥයින් විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව දක්වන කරුණු සැලකිල්ලෙන් අවධානයට යොමු කරන්න කියලා අපි සියළුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේක අගමැති රනිල්ගේ තවත් ගැටයක්.  ඒ ගැටයට හසු වෙන්න එපා කියලා අපි සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පිළිබද දැඩි අවධානයකින් ඉදල රටට කරන්න යන මේ වින්නැහිය පිළිබද රට දැනුම්වත් කරන්න පිවිතුරු හෙළ උරුමය සමග එකතු වන්න කියන ඉල්ලීම කරනවා.

Related posts

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්

colombotoday

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

කොළඹ – මහනුවර අධිවේගීයේ කොටසක් 28 වනදා ජනතා අයිතියට

colombotoday

කැබ් රථයක් ප්‍රපාතයකට කරනම් ගහයි

colombotoday

බවුසරේක තෙල් තියෙන්නේ වාහන 400කට විතරයි

colombotoday