Colombo Today Local News

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

ලබන 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී තමන් ඇතුළු මන්ත්‍රිවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසුවේ තමන් ඇතුළු 16 දෙනා වෙනුවෙන් විපක්ෂයේ අසුන් සකස් කරන ලෙස කතානායකවරයාට දැන්වීමට පියවර ගෙන ඇති බව ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන මතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය පැමිණ ඇති බවත් ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ගැනීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසුවේ මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වී ඇති මැති ඇමතිවරු 16 දෙනා සමග මධ්‍යම කාරක සභාවේ බහුතරයක්ද සිටින බවයි.

ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ නිල තීරණය ගැනීමට නියමිත අතර ශ්‍රීලනිපයේ සියලුම ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ

Related posts

ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Admin

ආරක්ෂාව තහවුරු නෑ.. සිංහල සිසුන් කිසිවෙකුත් නැවත නොයයි.. යාපනය සරසවියට හමුදා ආරක්ෂාව ඕනෑ

colombotoday

අක්කර දහසක් විනාශ කරමින් ගල්ඔය අමුණ කැඩී යයි

Admin

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

colombotoday

රටට අවශ්‍ය “වියත් මග“ නෙවෙයි.. මහින්ද යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ..

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday