Colombo Today Local News

සෞදියේදී වෙඩිතබා ඝාතනය කළ ගාල්ලේ ප‍්‍රියන්තාගේ දේහය මෙරටට

සවුදි අරාබියේ සේවය කළ නිවසේ වෙසෙන මානසික රෝගී තත්වයේ සිටි තරුණයෙකුයැයි සඳහන් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ ගාල්ලේ වඳුරඹ ප‍්‍රියන්තා ජයසේකර මහත්මියගේ දේහය අද (17) පෙරවැරවේ මෙරටට එවනු ලැබ තිබිණි.

37 හැවිරිදි ප‍්‍රියන්තා ජයසේකර මහත්මිය සවුදියේ සේවය කළ නිවසේ හාම්පුතාගේ පුතෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ ඉකුත් මාර්තු 10 වැනි දාය. පසුව එම තැනැත්තා මානසික රෝගියකු බව වාර්තා කර ඇත.

මියගිය ප‍්‍රියන්තාගේ සිරුර අද (17) උදේ 6.15 ට කටුනායක ළඟා වූ ගුවන් යානයකින් මෙරටට එවා තිබු අතර විදේශ සේවා කාර්යංශයේ නිලධාරින් විසින් ඥාතීන් වෙත භාරදීමට කටයුතු කළේය.

තිදරු මවක වන ජයසේකර මහත්මිය ඉකුත් වසරේ අපේ‍්‍රල් 25 වැනි දා විදේශ ගතවූ අතර ලියාපදිංචිය ලබා ගෙන නිත්‍යානුකූලව විදේශ ගතවූ අයෙක් යැයි කාර්යංශය කියයි.

ඇයගේ හිමිකම් වෙනුවෙන් කාර්යංශයත් සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද විදේශ සේවා කාර්යංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය

Related posts

“වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මිනිස්සු හිනාවෙනව“ ජනපතිගෙන් නැවතත් බයිපාස් ප්‍රහාරයක්

colombotoday

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ප්‍රචණ්ඩත්වය පැතිරුවැයි රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday

වසර 6000ක් පැරණි ආදී මානවීය සිතියමක් බලංගොඩින් හමුවෙයි

colombotoday