Colombo Today Local News

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

රාජිත සේනාරත්න ඇමැතිවරයා පුද්ගලිකව හමුවීමට තරම් දත් දිරායැමේ රෝගයකින් පෙළෙන කිසිදු කෙනෙකු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනා අතර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට පොහොට්‌ටුවේ නායකයන් තනි තනිවම හමුවන්නැයි ප්‍රකාශ කළ බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා එසේ පැවසීය.

රාජිත සේනාරත්න ඇමැතිවරයාට ඒ සම්බන්ධව ඊට වඩා පිළිතුරක්‌ දීම අවශ්‍ය නොවන බවත් එය හොඳටම ප්‍රමාණවත් බවත් ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

Related posts

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin

කොරෝනා හැදුනු රටවල් බැලුවම අපි අදටත් සාර්ථකයි. අපේ ආණ්ඩුව ඇනගෙන නැහැ

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

දැරියකට ලිංගික අතවර විදුහල්පතිට වසර 30ක සිර දඩුවමක්

Admin

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin