අර්ජුන් මහේන්ද්රන් විදේශික පුරවැසියෙක් වුවත් මහබැංකු අධිපති ධුරයට පත් කිරීමේ කිසිදු වරදක් නැතැයි ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
විශ්වාසභංග විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ඔහු මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ පසුව අගමැතිවරයාගේ ආර්ථික උපදේශකකමකට පත්කර ගැනීමද කිසිදු වරදක් නැතිබවද හෙතෙම කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා සභාව අමතමින් විමසා සිටියේ විදේශ පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්කළ හැකිනම් විදේශ පුරවැසි අර්ජුන් මහේන්ද්රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ වරද කුමක්ද යන්නයි.