Colombo Today Local News

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

නව දේශීය ආදායම් පනත හඳුන්වා දෙමින් ජනතාව මත පනවා ඇති බදු ජනතාවට දරාගත නොහැකි මට්ටමේ ඒවා බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියි.

අද සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනතේ බදු සංශෝධන සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා එබව ප්‍රකාශ කළේ ඊයේ (01) තොටළඟ එජාප කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙසේද පැවසිය.

”ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයන්ට අනුව මේ රටේ බදු වැඩිකරන්න දෙන්න බැහැ. මම ඒකයි කලිනුත් කිව්වෙ IMF එක මෙරටින් යන්න කාලෙ හරි කියල.

මේ රටට නව බදු ප්‍රථිපත්තියක් අවශ්‍යයි. මම මුදල් ඇමති කාලේ තමයි නව බදු ප්‍රථිපත්තිය ගෙනාවෙ. නමුත් අද මේ ඉදිරිපත් කරල තියෙන්නෙ ඊට වඩා හාත්පසින් වෙනස් එකක්.”

මෙම අවස්ථාවේ දී, මාධ්‍ය හමුවේ ඔහු තවදුරටත් කියා සිටියේ නව බදු ක්‍රියාවලිය සියළු අංශ කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇති බවයි.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසක් බවත් ශ්‍රී ලංකිකයන් වශයෙන් විදේශීකයන් පවසන දේ ඒ ආකාරයෙන්ම සිදු කළ යුතු නොමැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ය .

”මහ බැංකුවේ දෙතුන් දෙනෙක්, විශ්‍රාම ගියාට පස්සෙ IMF එකේ රැකියා බලා පොරොත්තු වෙන් රටේ ආර්ථිකය, කඩා බිඳ දමා, ජනජීවිතය අඩාල කරනවා.

ආණ්ඩුව වෙනස් වුණාට මහ බැංකුවේ හොල්මන් වෙනස් වෙලා නැහැ. IMF එකට ඕන විදිහට තීරණ ගන්න වනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ.

නව බදු ක්‍රමය රටේ සමස්ථ අංශයකට ම බල පෑමක් ඇති කරන්න පුළුවන්.

මහ බැංකුවට සුදුස්සන් පත්කළ යුතුයි. නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම අසීරු කටයුත්තක්. මේව කිසිවෙකුට පේන්නෙ නැහැ.

මේ අවස්ථාවේ දී රටේ ණය ප්‍රමානය 01% කින් වැඩි වෙනව කියන්නේ, රුපියල් කෝටි 6000ක්, රටේ ආර්ථික ය, බිංදුවට වට්ටල තියෙන්නෙ මහ බැංකුවේ සිටින, ප්‍රායෝගික දැනුමක් නැති, නිලධාරීන් සුළුතරයක් නිසා ” යැයිද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කීය.

Related posts

පාස්කු ප්‍රහාරයට වගකියුත්තන්ට එරෙහිව කතෝලික පියවරු ශ්‍රේෂ්ඨධිකරණයට… අගමැති ඇතුළු 13කට චෝදනා…

colombotoday

”පාස්කු ප්‍රහාරය කල්තියා අපිට දැන්වූවත් රජයේ වඟකීමක් නිසා නිහඬව සිටියා” – මහින්ද යාපා

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : CIDය හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි

Admin

පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවට අනුමැතිය

Admin