Colombo Today Local News

හදවත් ඇති මිනිසුන්ගේ මනුසත් ක්‍රියාන්විතය මල් ඵලගැන්වෙයි.. අපේක්ෂාවන් දල්වමින් පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතාවට පිදෙයි

මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ජනතා මුදල් පරිත්‍යාගයෙන් ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය අද ජනතා අයිතිය පත් කරනු ලැබිණි.

ලංකාවේ ප්‍රධානතම පිළිකා රෝහල වන මහරගම පිළිකා රෝහලට අතවශ්‍ය කරන පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් ‍ජීවිත බේරාගතහැකිව තිබූ රෝගීන් දහස් ගණනක් අකාලයේ මරුතුරුලට යද්දී ඒ පිළිබදව ඉල්ලීම් කර තිබුණත් එම යන්ත්‍රය ලබා දීම සදහා ප්‍රතිපාදන වෙන් කිරීමට රජයේ බලධාරීන් අපොසත්වූ බැවින් ජනතා ආධාර පැතීමට රෝහල් බලධාරීන්ට සිදුවිය.

ඒ අනුව රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීමට රෝහල ආරම්භ කළ ව්‍යාපෘතිය විවිධ සංවිධාන හා මාධ්‍ය ආයතනවල අවධානය යොමුවිය. විශේෂයෙන්ම දෙරණ රූපවාහිනී ආයතනය දියත්කළ “මනුසත් දෙරණ“ ක්‍රියාන්විතය හරහා පරිත්‍යාගශීලි සත්පුරුෂ ජනතාවගෙන් ලැබුණු ආධාර මත අදාළ මුදල මාස හතරක් ඇතුළත එක්රැස් කරගැනීමට සමත් විය.

වරෙක් එක් පරිත්‍යාගශීලියෙකු විසින් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් පෙට් ස්කෑන් යන්ත්‍රය ලබාගැනීම සඳහා පරිත්‍යාග කර තිබුණි.

මෙරට පරිත්‍යාගශීලී ජනතාව අදාළ මුදල මාස හතරක් ඇතුළත එක්රැස් කර දුන්නය පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙනැවිත් ස්ථාපිත කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට වසර දෙකකට වැඩි කාලයක් ගත විය. මේ අතර සෞඛ්‍ය ඇමතිවරයාද මාධ්‍ය ආයතනයක මැදිහත් වීමෙන් මෙරට සත්පුරුෂ ජනතාව සිදු කරන ලද මෙම මානුෂීය මෙහෙවර “කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” යැයි අවඥාවට ලක් කරනුද දක්නට ලැබිණි.

කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් ජර්මනියෙන් පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන් වීමට පසුගියදා කටයුතු කළේය. මහරගම අපේක්ෂා රෝහලේ සවිකළ පෙට් ස්කෑන් යන්ත්‍රය අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

Related posts

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

ජනපති උපදෙසින් අපරාධ කල්ලිවලට එරෙහි මෙහෙයුම් දැඩි කරයි

colombotoday

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සංශෝධන රහිතවම සම්මතයි !

colombotoday

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday