Colombo Today Local NewsTop Stories

Video: මට කිවුවා තමන්ගේ ආසනය බලාගෙන ඉන්න කියලා. පක්ෂය පැරදුනාට මගේ ආසනය ඉහලින්ම දිනුවා

විපක්ෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කරීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතුව ඇති බව එජාප නියෝජ්‍ය නායක පා.ම. රවී කරුණානායක පවසනවා. කිසියම් හේතුවක් මත අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත්වුවත් බිහිවන්නේ එජාප ආණ්ඩුවක් බවයි ඔහු සඳහන් කර සිටියේ.

පක්ෂයට අවශ්‍ය වෙනස

පක්ෂයට රැඩිකල් වෙනසක් අවශ්‍ය බව සඳහන් කරසිටි මන්ත්‍රීවරයා මෙතෙක් කතා කල දේවල් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය බව සඳහන් කර සිටියා. නම් දුසිමක් විතර යෝජනා වුවත් එයින් වැඩක් නොවන බවත් පොලවේ පයගසා සිටින නායකයන් එකතුකර නායකත්ව මණ්ඩලයක් මගින් ඉදිරියට කටයුතු කල යුතු බවත් මුහුණ කැතයි කියා නහය කපා ගැනීම නොකළ යුතු බවත් ප්‍රකාශ කර සිටියා.

තමන්ගේ ආසනය අවුරුදු 15ක් පැරදුනු අය ජාතික නායකත්වයට?

ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වෙනසක් කල යුතු බව ප්‍රකාශ කල කරුණානායක මහතා තමන්ගේ ආසනය අවුරුදු 15ක් විතර පරාජය වුවන් සහ පසුගිය මැතිවරණයෙන් කොට්ඨාශයක් දිනාගන්න බැරි පුද්ගලයින් ජාතික නායකත්වයට නුසුදුසු බව සඳහන් කර සිටියා.

මට කිවුවා තමන්ගේ ආසනය බලාගෙන ඉන්න කියලා.

පසුගිය මැතිවරණ පරාජයට තමන් නියෝජ්‍ය නායකයා ලෙස වග කිව යුතු නැති බව ප්‍රකාශ කල ඒ මහතා තිලක් මාරපන වැන්නන් කමිටු වාර්තා දමා තමන් කොන් කල බවත් තමන්ගේ ආසනය බලාගෙන ඉන්න යැයි පක්ෂය තමන්ට මැතිවරණ අවස්ථාවේදී දැන්වූ බවත් තමන්ට දුන්න ආසනය 100%ක් ජයග්‍රහණය කර පෙන්නු බවත් තමන් සමස්ත පරාජයේ කොටස්කරුවකු නොවන බවත් ඒ මහතා පැවසුහ. කොට්ඨාශ 9ම ජයග්‍රහණය කර මන්ත්‍රීවරු 17 දෙනෙකුත් ගෙන ආ එකම ආසනය තමන් සංවිධායකත්වය දැරූ උතුරු කොළඹ බව ප්‍රකාශ කර සිටි කරුණානායක මහතා තමන්ව ඒ අවස්ථාවේදී එල්ලුම්ගස් යැවීමට උත්සහ කලේ පදනමක් නොමැතිව බවත් පක්ෂය තමන්ව පැත්තකට කර තිබීමේ ප්‍රථිපල පසුගිය මැතිවරණයෙන් ලැබුනු බවත් සඳහන් කර සිටියේය

Related posts

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

Admin

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

colombotoday

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

colombotoday

ආරක්ෂාව තර කරන්නැයි ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

colombotoday