Colombo Today Local News

රනිල් එලවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී ගුණරත්න කුරුදු පොලු තොගයක් සහ ගිනිඅවි සමග අත්අඩංගුවට

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අදියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථ දෙකක තිබී බෝර 12 ගිනි අවි දෙකක් හා කුරුදු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලීසි වල නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව කියමින් අදාළ විරෝධතා පාගමන ඊයේ (31) පෙරවරුවේ ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ විය.එම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න  ඇතුළු සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී සිටියහ.

පාගමනට සම්බන්ධවූ පිරිස් පැමිණි බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඊරියගම ප්‍රදේශයේ නවතා තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහි තිබී අඩි 04 ක පමණ දිගින් යුත් කුරුදු පොලු 98 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම කුරුඳු පොලු කුමක් සඳහා රැගෙන ආවේද යන්න පිළිබඳව රියදුරුට පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වීම නිසා පේරාදෙණිය පොලීසිය මගින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොඩි කණු ලෙස භාවිත කරන්නට මෙම කුරුඳු පොලු ලෙස රැගෙන ආ බව ඔවුන් සඳහන් කල අතර ඔවුන්ට කොඩි පෙන් වීමට නොහැකිවූ බවත් පොලීසිය පැවැසිය.

මේ අතර පාගමන සමඟ යමින් තිබූ තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 10 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම ගිනි අවි සඳහා බලපත්‍ර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් එම ගිණි අවිවිලට අදාල බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් පසු මෛත්‍රී ගුණරත්න නිදහස් කර ඇත.

 

Related posts

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

‘සැප්. 1 වැනිදා තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ’ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

Admin

නොවැම්බරයේදී නව ව්‍යවස්ථාව ගේනවා.. සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කරනවා

colombotoday

වියන්ගොඩ, බාහු මල්වතු නාහිමි හමුවෙයි.. අලුත් ව්‍යවස්ථාව හොදායි කියා රටට කියන්නැයි ඉල්ලයි !

colombotoday

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday