ඉදිරියේ දී සෑම රෝහලකම ප්‍රතිකාර ලබන රෝගීන් හට ප්‍රතිකාර සඳහා වැය වූ මුදල ඇතුළත් බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බිල්පතක් නිකුත් කළ ද ඒ සඳහා මුදල් අය නොකරන බවයි.
අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.