Colombo Today Local News

ෆේස්බුක් අවහිරය මානව හිමිකම් කඩකිරීමක් – මානව හිමිකම් කොමිසමට පැමිණිලි කෙරේ

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීම නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල පහත දැක්වේ

සභාපතිනිය
මානව හිමිකම් කොමිෂම
කොළඔ

පැමිණිල්ලයි.

පැමිණිලිකරු

රංජිත් විතානගේ
සභාපති පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
අංක 191
කටුවාවල
බොරලැස්ගමුව

වගඋත්තරකරැවන්

ඔස්ටින් ප්‍රනාන්දු
සභාපති
ශ්‍රී ලංකා විදුලි සංදේශන කොමිෂන් සභාව
ඇල්විටිගල  මාවත
කොළඔ 06

කපිල වෛද්‍යරත්න ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
කොළඹ 01

  • රංජිත් විතානගේ වන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකි. තොරතුරු ලබාගැනීම සදහා සහ අදහස් ප්‍රකාශ  කිරීම සදහා මා විසින් සමාජ ජාලා මාධ්‍ය භාවිතා කරනු ලබයි. එම පහසුකම ලබා ගැනීම සදහා මා විසින් අන්තර්ජාලය භාවිතා කරන අතර ඒ සදහා මුදල් ගෙවීමක් කරණු ලබයි.
  • 2018/03/06 දින සිට මෙහි දෙවන වග උත්තරකරැගේ උපදෙස්මත පළමු වගඋත්තරකරු විසින් සමාජජාලා මාධ්‍ය සීමා කරන ලදී. ඒ අනුව මේ වන විට මාහට මුහුණු පොතට පිවිසීම, viber, whatsapp යන ආදියට පිවිසීමට නොහැකි වන ආකාරයට එම සේවාවන් අවහිර කර ඇත.

එසේ කිරීම තුලින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14 (1)  (අ ) වගන්තිය උල්ලංඝණය කර ඇත.

14 (1) වගන්ති ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර වාර්ගික හා ආගමික සහයෝගීතාව සදහා සීමා කිරීම කළ හැකිවුව ද එසේ එසේ සීමාකිරීමට තරම් හේතුවක් පැනනැගී නැත.

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවේ 14 (1)  (අ) වගන්ති උල්ලංඝණය කිරීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඔබ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමි.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

colombotoday

රීෂාඩ්ගේ අලුත් මන්ත්‍රී ඉස්මයිල් හොරෙක් – ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

2021 වසරේ සාගර කලාපය තුළ කළ වැටලීම් මගින් රු. බිලියන 15 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

colombotoday

ඩෙල්ටා ⁣කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනා ගනී

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday