Colombo Today Local News

එජාප ගිනි කන්ද පිපිරෙයි.. අගමැති එලවන එජාප විශ්වාසභංගයට ඒකාබද්ධය, ජවිපෙ සහය

අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගෙන එනවානම් එයට සහය දැක්වීමට පක්ෂ කිහපයක් තීරණය කර තිබෙනවා.

අගමැතිවරයා ඉවත් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ මූලිකත්වයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහත් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පක්ෂ කිහිපයක නියෝජිතයන් ඒ පිළිබදව අදහස් දක්වා සිටියා.

ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක සදහන් කළේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට අනිවාර්යෙන්ම සහයෝගය ලබාදෙන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක බී.බී.සී. සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂය ද සහයෝගය ලබාදීමට සූදානම් බවයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවොත් එය සම්මත කරගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 15-20ක ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ලබාගත හැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහත පවසයි.

Related posts

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

ඇමතිකමෙන් නෙරපූ හේතුව හිටපු ඇමති විජේදාස හෙළිකරයි (Video)

colombotoday

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

රෝදයක දෝශයක් සකසමින් සිටි කාර්මිකයාගේ හිසට ටොන් 30ක් බර ලොරිය කඩා වැටි මිය යයි

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday