Colombo Today Local News

රාජිත ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් කියන්නේ “නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ” කතාවක්

ඊයේ (19) පාර්ලිමේන්තු විවාදය අතරතුර පලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ රාජිත සේනාරත්න අතර සංවාදයක් ඇතිවිය. ඒ මෙසේය…

“ඔයා හැමතැනටම පැනලා තවත් පැන පැන යනවා” යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ඇමති රාජිත සේනාරත්නට ප්‍රකාශ කළේය.
“ජාතිවාදය වපුරලා මෙතන කෑගහන්න එපා” රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවැසීය.

ඉන් අනතුරුව වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වූයේ ආණ්ඩුව වෙතටය.

“රාජිත සේනාරත්න ඇමැතිතුමා කරපු ප්‍රකාශයකට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා හොඳ උත්තරයක් දුන්නා. ඇවිල්ලා කටේම අතුල්ලලා ගියා. දැන් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ඒ ගොඩට දාගන්නවා. ඒක හරියට නෝනා පිටගිය කාලෙත් මාත් එක්ක හිටියා වගේ කතාවක්” යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.

Related posts

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

colombotoday

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

මන්ත්‍රී ආරක්ෂකගේ පිස්තෝලය අකිල සාලියගේ බලන්ගොඩ නිවසේදී අතුරුදන්

Admin

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday

රුපියල යළි නැගිටියි !

colombotoday