Colombo Today Local News

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

පුරවැසියන් ලෙස තවමත් ආණ්ඩුව පිළිබඳ යහපත් බලාපොරොත්තුවකින් පසුවන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් නිහතමානීව යථාර්ථය තේරුම් ගෙන ඉදිරි කටයුතු සංවිධානය කළ යුතු බවත් ‘පුරවැසි බලය’ සංවිධානය සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සිය අදහස් දැක්වීම සඳහා වූ මාධ්‍ය හමුවක් කොළඹ පිහිටි සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී ‘පුරවැසි බලය’ සංවිධානය විසින් ඊයේ (13දා) කැඳවා තිබූ අතර, එහිදී එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ, රාජපක්‍ෂ රෙජිමය බලයට පත්වීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු දේ සිදු කිරීමට කටයුතු කරන බවයි.

”ආණ්ඩුව පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ඉන්ධන මිල අඩු කළා. ඒකෙන් ආණ්ඩුවට ආදායමත් අඩු වුණා. රාජ්‍ය සේවක දීමනා 70%කින් වැඩි කළා. වැටුප් වර්ධක 66%කින් වැඩි කළා. එය ආර්ථිකයට බරක්. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන කාර්යක්‍ෂමතාව මෙය නොවෙයි. තාජුදීන්, ප්‍රගීත්, ලසන්ත, සී.එස්.එන්., ඇවන්ගාර්ඩ් සියල්ල ගැන කතා කළත් ඉදිරියට ගෙන ගියේ නෑ. නමුත් ආණ්ඩුව කිසි දෙයක් කළේ නෑ කියලා කියන්න බෑ. අපි දන්න විදියට මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක කටයුතු අවසන්. නමුත් ජාතිවාදය, ආගම්වාදය, ව්‍යවස්ථාව ඇතුළේ රට බෙදනවා කියන එකට උත්තරය දුන්නේ නෑ. ‘කෑවද’ ඇහුවාම ‘උදේට කෑවා’ කියලා උත්තර දෙන එක මේ රටට හරියන්නේ නෑ.

සාමාන්‍යයෙන් ආණ්ඩුවත් පටන් ගෙන කරගෙන යන්න අවුරුදු 3-4ක කාලයක් යනවා. මහින්ද කළේ දිගින් දිගටම ඇදීම. මහින්දගේ ඇදීමෙන් රටට හොඳ දේවල් නොවෙයි සිදු වුණේ. පරාජිත මහින්ද රාජපක්‍ෂ රෙජිමය බලයට එන්න උත්සාහ කළේ තමන්ගේ අපරාධයන් වහගෙන බේරෙන්න මිසක් රටට ආදරේට නොවෙයි. පොහොට්ටුවෙන් තේරී පත්වෙලා ඉන්නේ දූෂණ වංචාවලට හසුවූ පරණ කට්ටිය සහ ඔවුන්ගේ සාමාජිකයන්. අපි ආණ්ඩුවට කියන්නේ ආරවුල් හදා ගන්න, ගේන යෝජනා පැත්තකට දාන්න. මේ අවුරුදු 02 හරියට කරන්න, මේ ආණ්ඩුවට පුළුවන්. තවමත් අපි අපේක්‍ෂා සහගතයි. අපි බොහෝම පැහැදිලිව කියනවා. ආපස්සට හැරෙන්න අපි ඉඩ තියන්නේ නෑ. රාජපක්‍ෂ රෙජිමය නැවත බලයට පත්වීම වැළැක්වීමට කළ හැකි සියලු දේ අපි කරනවා” යැයිද ඔහු අවධාරණය කර සිටියේය.

Related posts

කටුනායක ආයෝජන කළාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

චම්පිකගේ උපදෙස් මත ලක්දනව් සමාගම හැදූ චුන්නාකම් විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday