ඇමති චම්පික රණවක විසින් එක්සත් ජාතික පක්ෂය, අලියා ලකුණ යටතේ තරඟ කිරීමට ඉදිරිපත් කල ජාතික හෙළ උරුමය නියෝජනය කල සියලු අපේක්ෂකයන් පරාජයට පත්වී ඇති බව වාර්තා වනවා.
මේ සමගම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ඊයේ (10) රාත්රියේදී චම්පික රණවක ඇමතිවරයා තීරණය කර සිටි අතර අද (11) උදෑසන වන විට එම තීරණය වෙනස් කරමින් අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වුවොහත් ඒ සමග එකට ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.