“මම දැක්කා රනිල් වික්රමසිංහ අගමැතිවරයා කියනවා, මට අවුරුදු තුනක් වැඩකරන්න බැරි වුනා නුවරට මම නුවර පදිංචි වෙලා වැඩ කරනවා කියලා. ඉස්සරනම් කිවුවේ ඔන්න පුතේ මූ එනවා කෙල්ල ගෙටගනින් කියලා. දැන් කියන්න වෙන්නේ කොල්ලා ගෙට ගනින් කියලා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.
“අද අපි කරපු වැඩ විවෘත කරලා… අපිටම බැනලා… අපේම ප්රජා අයිතිය නැති කරනවා කියනවා… හැබැයි පුතෝ ටිකක් අමාරුවෙයි මේ මහින්ද රාජපක්ෂගේ ප්රජා අයිතිය නැති කරන්න රනිල්ට.”
ඊයේ (7) මහනුවර පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.