Colombo Today Local News

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ශ්‍රී ලංකා විරෝධී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැළුණු කොටි හිතවාදීන්ට අභියෝග කළ යුද හමුදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ වැඩ තහනම් කිරීමට  විදේශ කටයුතු අමාත්‍යංශය ගත් තීරණය හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

ඒ සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පලකර ඇත්තේ මෙසේය.

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් උත්සවය අභිමානවත් ව සමරන මේ මොහොතේ මේ රට දෙකඩ කිරීම සඳහා ගෙන ගිය ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ අනුගාමිකයන් ලන්ඩන් නුවර සිට කරන ලද තවත් ම්ලේච්ඡ උද්ඝෝෂණයක් අතරතුර ලන්ඩන් නුවර මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු උද්ඝෝෂණකරුවන්ට පෙනෙන පරිදි බෙල්ලට සහ උරහිස පළඳා සිටි ජාතික කොඩියට ඇඟිල්ල දිගු කිරීම නිසා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඔහුගේ සේවය අත්හිටුවීම පිළිකුල් සහගත ලෙස හෙළා දකිමි.

ජාති ආගම් භේදයෙන් තොර ව ජනතාවට සේවය කරමින් හතරවන ඊලාම් යුද්ධය නිමකරමින් රටේ ඒකීය භාවය ආරක්ෂා කළ අවංක දේශප්‍රේමී රණශූරයෙකුට එසේ කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ දැයි ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කළ යුතු ව ඇත. බටහිර ගැති වහල් මානසිකත්වයෙන් යුතු ව කටයුතු කරන විදේශ කටයුතු අමාත්‍යංශය බටහිරට පමණක් නොව ඩයස්පෝරාවට ද ගැතිකම් පාමින් නිවට තත්ත්වයට පත් ව තිබීම ගැන කණගාටුවට පත් වෙමි. රට බේරාගත් රණවිරුවන්ට පින් සිදු වන්නට නිලතල හොබවන බලධාරීන් සහ නිලධාරීන් දැන් රණවිරුවන් අවලංගු කාසි ලෙසට සැලකීම හෙළා දකිමින් එම නිලධාරියාට යුක්තිය සහ සාධාරණය ඉටුකර දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.

ආචාර්ය විජයදාස රාජපක්ෂ (පා.ම.)
ජනාධිපති නීතිඥ

Related posts

සියලුම දෙනා අල්ලාගේ අණට කිකරුවිය යුතුය – දිනකට පස් වතාවක් රටපුරා පල්ලිවල කියන දේ

colombotoday

ලංකාව දෙකඩ කරන යෝජනාවට ශ්‍රී ලංකා රජයෙක් ක්ෂණික ප්‍රතිචාර.. එංගලන්තයේ පාලක් පක්ෂය අඩියක් පස්සට ගනී !

colombotoday

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

colombotoday

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

කොරෝනා වසංගතයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට

colombotoday