Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ කොටි හිතවාදීන් ඉදිරියට ගොස් ශ්‍රී ලංකා ධජය පෙන්වමින් ඔවුන්ට සංඥාවක් කිරීම නිසා ශ්‍රී ලංකා රජය විසින් වැඩ තහනමට ලක් කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වන්නි මානුෂීය මෙහෙයුමේ විශිෂ්ඨ සේවාවක නිරතවූ, මෙන්ම වන්නි දෙමළ වැසියන්ගේ පවා ගෞරවය දිනාගත් නිලධාරියෙකු බව වාර්තා වේ.

වන්නි මානූෂිය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් කොටි බළකොටුව හා ඒ අවට ගම්වාසීන් මුදා ගැනීමේ සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු (එවකට ලුතිනන් කර්නල්) සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

කොටි ත්‍රස්ත ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව්, මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ බෙදා දෙමින් මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයෙකු ලෙස ප්‍රකට වූ චරිතයක් වන ප්‍රියංක ප්‍රනාන්දු මහතා ජාති භේදයකින් තොරව තම කදවුරට එන සෑම අයෙකුටම කෑම බීම පවා දීමටත්, කදවුරට එන ඕනෑම දෙමළ ජාතිකයෙකු හිස් අතින් නොයවන්නටත් කටයුතු කළ නිලධාරියෙකු ලෙස ද ප්‍රකටය.

විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිට බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනමට ලක් කිරීම පිළිබදව “රිවිර“ පුවත්පතට අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කරන්නේ වීඩියෝ පටයක් පලවූ පලියට හමුදා නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට හමුදාව කටයුතු නොකරන බවයි. ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා තීරණය කළ යුතු බවද හමුදාපතිවරයා කියා සිටී.

මේ අතර ලන්ඩන්හි ආරංචිමාර්ග කියා සිටින්නේ, අදාළ විරෝධතාවය අවස්ථාවේදී බ්‍රිගේඩියර්වයා මනා රාජ්‍යතාන්ත්‍රිකභාවයක් පෙන්නුම් කරමින් ක්‍රියාකළ බවයි. විරෝධතාවයේ යෙදී සිටින කොටි හිතවාදීන් ඉදිරියට ගොස් ඔවුන් කරුණු පැහැදිළි කිරීමට ඔහු දිගින් දිගටම කටයුතු කළ බවත්, කොටි හිතවාදීන් ඔහුට පරුෂ වචනයෙන් බැණවදිමින් ගැටුමකට පොළඹවාගැනීමට උත්සාහ කර ඇති බවත්, ඒ අවස්ථාවේදී බ්‍රිගේඩියර්වරයා සිය නිළ ඇදුමේ වූ ශ්‍රී ලංකා ජාතික ධජය “අපේ දේශය ඊළාම් දේශය“ යැයි කෑ ගසමින් සිටි කොටි හිතවාදීන්ට පෙන්වමින්, සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යැයි අගවා සිටි බව සහ ඊළම ඉල්ලූ ත්‍රස්තවාදීන්ට අත්වූ ඉරණම පිලිබදව පෙන්වා දුන් බවත් එම ආරංචි වැඩිදුරටත් කියා සිටී.

සමාජජාලවල පලවූ වීඩියෝවේ දැක්වෙන්නේ බ්‍රිගේඩියර්වරයා අතින් සන් කල එම රූපරාමු පමණක් බවත්, එම වීඩියෝව පමණක් බලා එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම පිළිදව දැඩි ලෙස කණගාටුවට පත්වන බවත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන් කියා සිටී.

Related posts

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

colombotoday

ලිහිසි තෙල් හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට

Admin

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday