Colombo Today Local News

ලන්ඩන් කොටි නිදහස් උත්සවයට කඩා පනිති.. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා යකා නටති..

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සමරු උත්සවය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවතෙද්දී එම ස්ථානයට පැමිණි එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ජනතාව සටන් පාඨ කියමින් කලහකාරී ලෙස හැසිරෙමින් උද්ඝෝෂණයක් කළහ.

මහකොමසාරිස් කාර්යාලය අවට දැඩි පොලිස් රැකවල් දමා තිබුණද, නිදහස් උත්සවයට පැමිණි ශ්‍රී ලාංකිකයන් සමග ආවේගශීලීව ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීමත් සමගම ලංඩන් මෙට්‍රොපොලිටන් පොලීසියට තත්ත්වය පාලනය කරගත නොහැකි විය.

වහාම කැරලි මර්දන පොලිස් නිලධාරීන් කැඳවූ ඔවුහු සිද්ධිය ගුවනේ සිට අධීක්ෂණය කිරීමට පොලිස් හෙලිකොප්ටර් යානා දෙකක්ද යෙදවීමට කටයුතු කළහ.

දෙමළ ඊළාම් රාජ්‍ය දිනා ගන්න තුරු සටන අත්නොහරින අතර, ශ්‍රී ලංකා රජය හා හමුදාව යුද අපරාධ සිදු කළ බවත්, රජය සහ හමුදාව තවමත් දෙමළ ජනතාව සමූල ඝාතනය කරමින් සිටින අතර, ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බවත්, ඔවුන්ගේ එකම නායකයා ප්‍රභාකරන් බවත් ප්‍රධාන සටන් පාඨ ලෙස සටහන් කරමින් තිබිණි.

තවද රඳවාගෙන සිටින ද්‍රවිධ දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසද ඔවුන් දැඩිව ප්‍රකාශ කළේය.කෙසේ වෙතත් උදෑසන 10.30ට පමණ නිදහස් සැමරුම් උත්සවය ආරම්භ කෙරිණි.

සියලු ජනවර්ග නියෝජනය කරමින් විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙන්ම සැලකිය යුතු බ්‍රිතාන්‍යය ජාතිකයෝද පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

‍ජනක අලහප්පෙරුම ලංඩනයේ සිට

[fbvideo link=”https://www.facebook.com/lankaVnews/videos/1625015920912239/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

colombotoday

පනත් කෙටුම්පත් තුනක් බලාත්මක කරන්න කථානායකගේ සහතිකය

Admin

සිමෙන්ති සංස්ථාව කෝටි 7ක් අනවසරෙන් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා

Admin

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

colombotoday

ශාසනය ගොඩගන්න තනිවම හරි සටන් කරනවා – ඥානසාර හිමි

colombotoday

විල්පත්තුවේ කිරි ඉබ්බෙකු ඇල්ලු දෙදෙනෙකුට රුපියල් 90,000ක දඩයක්

colombotoday