Colombo Today Local News

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන තිදෙනා මහබැංකු බැදුම්කර වංචාවට අදාළව අධිකරණය මගින් සැකකරුවන් ලෙස අද (02) නම් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ඔවුන් මෙලෙස සැකකරුවන් ලෙස නම්කර ඇත.

මේ වනවිට සිංගප්පූරුවේ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 15 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

මේ අතර පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය ද ඊයේ දිනයේදී දිර්ඝ කළේය.

Related posts

පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි – දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

colombotoday

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday