ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක (07) මිල ගණන් වහාම අඩු කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසිය විස්සකටත් (120), සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් හැටකටත් (60), කැඩුණු සහල් කිලෝවක් රුපියල් පනස් නවයකටත් (59), පරිප්පු කිලෝවක් එකසිය පනස් නවයකටත් (159), මුං ඇට කිලෝවක් රුපියල් එකසිය අනූපහකටත් (195), ලොකු ලූනු කිලෝවක් රුපියල් එකසිය දහයකටත් (110), වියළි මිරිස් කිලෝව රුපියල් දෙසීය විස්සකටත් (220), දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛාවලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.