Colombo Today Local News

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා මුල්වරට දේශපාලන වේදිකාවේ අදහස් දක්වමින් මෙම මැතිවරණ සටනට අවතීර්ණ වී සිටී.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලියක් අමතමින් ඔහු පසුගිය ආණ්ඩු සමය දැඩිලෙස විවේචනය කළේය.

‘මේ වෙන්වෙලා ගිහිල්ල ඉන්න පිරිස හොරු, වංචාකාරයො, දුෂකයො, කුඩුකාරයො මේ සියල්ල අද පක්‍ෂ බේදයකින් තොරව ඒගොල්ල එකතුවෙලා ඉන්නව. එනිසා ඔබ පක්‍ෂය ශ‍්‍රීලනිපය අත ඇරෙන්න වෙන පක්‍ෂවලට ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් ඒ ලබා දුන් නිදහස මේ සියළු දේ වැලලී යනව. හොරකම් මැරකම් දුෂණ වංචා සියල්ල ඉදිරියට එනව’ යැයිද ඔහු කියා සිටියේය.

මේ අතර හිටපු ජනපති කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතාද මුල් වරට මැතිවරණ වේදිකාවක් අමතමින් වත්මන් ආණ්ඩුව යටතේ ජනතාව පත්ව සිටින අපහසුතාව පිළිබදව අදහස් දැක්වීය.

Related posts

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

ජනපති අනුරට දෛවයේ සරදම්! ඉන්දියානු ව්‍යාප්තවාදයේ නොකියූ කතාව

colombotoday

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

colombotoday

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin