Colombo Today Local News

මුස්ලිම් කොළණියක් හදන්න බදියුදීන් මුලතිව් අක්. 1000ක් ඉල්ලයි.. විග්නේෂ්වරන් දෙන්න බෑ කියයි

මුස්‌ලිම් වැසියන් පදිංචි කරවීම පිණිස මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අක්‌කර දහසක්‌ ලබාදෙන මෙන් අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක්‌ ප්‍රධාන අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.

රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ලිපියක්‌ මගින් කළ ඉල්ලීමේ සඳහන්ව ඇත්තේ යුද්ධයට පෙර මුස්‌ලිම් වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචිව සිට එම පළාත් අතහැර ගියේ එල්ටීටීඊ සංවිධානය විසින් ඔවුන් පළවා හරින ලද නිසා බවයි.

මේ වන විට එම පවුල් සඳහාත් ඔවුන්ගෙන් බිහිවුණු නව පරම්පරාව සඳහාත් මුලතිව් දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් අවශ්‍ය බවත් එවැනි පවුල් 780 ක්‌ දැනට හඳුනාගෙන ඇති නිසා ඔවුන්ට පදිංචි වීමට සහ ඔවුන්ගේ පොදු කටයුතු සඳහාත් ඉඩම් අක්‌කර 1000 ක්‌ මුලතිව් පළාතෙන් අවශ්‍ය බව රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

යුද සමයේදී ඉඩම් අහිමිවූ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ කලින් පදිංචිව සිටි පිරිස දැනට පුත්තලමේ හා තවත් ප්‍රදේශ කීපයක තාවකාලිකව පදිංචිව සිටින බව අමාත්‍යවරයා පෙන්වාදී ඇතත් ඔහුගේ එම ඉල්ලීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කිසිදු හේතුවක්‌ නොදක්‌වමින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.

අවම වශයෙන් රිෂාර්ඩ් අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිළිතුරු ලිපියක්‌ හෝ යවා නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

දිවයින

Related posts

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

මහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ !

colombotoday

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

colombotoday

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

යුරෝපා සංගමයෙන් රුපියල් මිලියන 15,000ක යූරියා පොහොර සහනාධාරයක්

Admin

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday