Colombo Today Local News

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

බිහාර්, බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසල තිබූ බෝම්බ දෙකක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා.
මෙම බෝම්බ සිකුරාදා රාත්‍රියේදී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මහාබෝධි විහාරස්ථානය තුළ තිබී බෝම්බ හමු වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා පලවී ඇති අතර පොලිසිය එය ප්‍රතික්ෂේප කර ඇත .

ආරක්ෂක අංශ බුද්ධගයා විහාරයේ සහ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සැකකරුවන් තිදෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා දිල්ලියේ සිට NIA (National Investigation Agency) කණ්ඩායමක් බුද්ධගයා වෙත ළඟාවීමට නියමිතව ඇති අතර, පට්නා FSL කණ්ඩායමක් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

2013 දී බුද්ධගයා මහාබෝධි විහාරයට එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාර කිහිපයකින් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු තුවාල ලැබීය.

Related posts

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

colombotoday

ඇඳිරී නීති කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම නීතියට අනුව වරදක් – අරගලකරුවන්ට පොලිසියෙන් පණිවිඩයක්

colombotoday

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday