Colombo Today Local News

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් උපහාසයෙන් යුතුව ප‍්‍රශ්න කර ඇතැයි පැවසේ.

අග්‍රාමාත්‍ය වික‍්‍රමසිංහ මහතා පසුගියදා ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප මැති ඇමතිවරුන් සියලු දෙනා දැනුවත් කර ඇති අතර මින් ඉදිරියේදී ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් වැළකී සිටින්නැයි ඉල්ලා ඇත. එසේම තමන් ආරක්ෂා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන ලෙසත්, තමාගේද අරමුණ හොරුන්ට දඬුවම්දීම බවත් අගමැතිවරයා පවසා ඇති අතර අවසානයේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අගමැතිවරයාගෙන් විමසා ඇත්තේ “සර්, ඇත්තටම බැඳුම්කරයෙන් වංචාවක් වෙලාම නැද්ද” යන්නයි.

එය උපහාසයෙන් අසන ලද පැනයක් බව දැනගත් අගමැතිවරයා කේන්තියෙන් පවසා ඇත්තේ වාර්තාව ආවම බලාගන්න යනුවෙන් යැයි වැඩිදුරටත් වාර්තාවේ.

 

Related posts

නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම අද

colombotoday

නව පොලිස්පති වැඩ භාරගනී

colombotoday

වෙසක් බලන්න එන මෝදි ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයටත් ඇස යොමයි !

colombotoday

“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයි

colombotoday

මහ බැංකුවේ අලුත් අධිපති දවස් විස්සට බිලියන 15ක සල්ලි අච්චු ගහලා

colombotoday

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

colombotoday