Colombo Today Local News

බැදුම්කර වාර්තාව හා ජනපති ප්‍රකාශය පරස්පරයි.. රවී කරුණානායකත් විශේෂ ප්‍රකාශයක් කරන්න යයි

බැඳුම්කර කොමිසම් වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් හා ඒ ආශ්‍රිතව මතුව ඇති දේශපාලන ගැටළු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ලබන 24 දා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්වන බවට වාර්තා පලවනවා.

මේ දිනවල බැඳුම්කර කොමිසම් වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව පැවසු එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, කොමිසම් වාර්තාව හා එම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතිය අමතා කල ප්‍රකාශයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් බරපතල පරස්පරතා තිබෙන බවද රවී කරුණානායක මහතාගේ නීතීඥයක් මාධ්‍ය වෙත කියා සිටී.

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කරගනිමින් මාධ්‍ය හරහා එල්ලවූ බලපෑම් හමුවේ රවී කරුණානායක මහතා පසුගිය අගෝස්තු 10 වෙනිදා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

 

Related posts

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

ගජමුතු විකුණන්න ගිය 4ක් මාට්ටු

Admin

අධිකරණය ඉදිරියේ වෙඩි වරුසාවක්

Admin

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

පුරන් කුඹුරු අස්වද්දන තරුණ ප්‍රජාවට සහාය වෙන්න යුද හමුදාව සූදානමින්

colombotoday