Colombo Today Local News

එජාප අපව බේරාගත්තේ ජනපති මෛත්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෑ – රන්ජන් එජාපය පට්ට ගහයි

‘මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී පැවැසීය.

වැඩි දුරුටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

‘අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ. ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ.‘ යැයිද පැවැසීය.

Related posts

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

ජපානයේදී උදයංග හමුවූ නි.ඇමති අරුන්දිකට වැඩ වරදී.. FCID යන්න වෙයි !

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට රජයෙන් මසකට කෝටි 20ක්.. කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin