Colombo Today Local News

කාන්තාවන් බාර් වලට යවා “යහපාලනය“ මාතෘත්වයත් කෙළෙසයි…

කාන්තාවන්ට මත්පැන් ශාලාවල සේවය කිරීමට අවසර ලබාදීමෙන් යහපාලන ආණ්ඩුව මාතෘත්වය සහ සංස්කෘතියක් කෙළෙසා ඇති බවත්, මේ අපරාධය තවදුරටත් සිදු නොකරන ලෙසයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොට මහතා ඉල්ලා සිටී.

මැතිවරණයක්‌ ළං වෙද්දී ඉතිහාසයේ පැවති ආණ්‌ඩු කළේ හාල්, පොල්, සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අඩු කිරීමයි. ඒත් මේ යහපාලන ආණ්‌ඩුව කළේ බියර් හ වයින් මිල අඩුකිරීමයි. දැන් කාන්තාවන්ට මත්පැන් ශාලාවල වැඩකරන්නත්, කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්නත් ඉඩකඩ ලබාදී තිබෙනවා. ඊට අමතරව උදේ අටේ සිට රාත්‍රි දහය දක්‌වා මත්පැන්හල් විවෘත කරන්න අවසර ලබාදීලා.

අම්මා කොහෙද වැඩකරන්නේ කියලා පාසලේ ගුරුවරුන් දරුවාගෙන් ඇහුවාම හන්දියේ බාර් එකේ කියා උත්තර දෙන තත්ත්වයට දරුවාව පත් කරලා. මේක මාතෘත්වය කෙළෙසීමක්‌. ඉස්‌සර උදේ පාන්දර වතුර එකක්‌, කිරි එකක්‌ බීපු මිනිහාට අද උදේ අටට අරක්‌කු, බියර් බොන්න මේ ආණ්‌ඩුව පුරුදු කරනවා. නිර්වින්දනය කළ ජාතියක්‌ නිර්මාණය කරමින් මේ ආණ්‌ඩුව උත්සාහ කරන්නේ රටට ආදරය කරන මිනිසුන් නැතිකර දමන්නයි. මේ අපරාධයට එරෙහිව නැඟී සිටින ලෙස භික්‌ෂුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

”ජනපතිගේ කතාව විශිෂ්ඨයි” – හිටපු ඇමති මංගලගෙන් පැසසුම්

colombotoday

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

අගමැතිගෙන් බදුල්ල ගැන අනාවැකියක්

colombotoday

ආර්ථික ඝාතකයින්ට එරෙහි පෙත්සමෙන් රනිල් මුදා හැරීමට නියෝග

colombotoday