Colombo Today Local News

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

පළාත් පාලන මැතිවරණයේදී සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගෙන ඡන්ද ‍පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි බූර්කාව පැලඳීම, අව් කණ්ණාඩි පැළඳගෙන පැමිණීම, හිස්වැසුම් පැළඳීම ආදිය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ඡන්ද ‍පොළට පැමිණෙන සියලු ඡන්දදායකයන් තම අනන්‍යතාව ඔප්පු කිරීමට කටයුතු කළ යුතු අතර ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට තම අනන්‍යතාව පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය යුතුවේ.

යම් කිසි පුද්ගලයෙකු ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරුණහොත් ඔවුන්ව ඡන්ද ‍පොළෙන් ආපසු හරවා යැවීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Related posts

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

colombotoday

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

colombotoday

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday