Colombo Today Local News

ජනපති ගැන අනාවැකි කියන්න ගිහින් උසාවි යන්න වූණු විජිත රෝහණගෙන් පුංචි ඡන්දය ගැන අනාවැකියක් (Video)

පෙබරවාරි දහ වැනිදා පැවැත්වෙන් පළාත්පාලන මැතිවරණයෙන් ස්ථීර වශයෙන්ම ජය ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයි ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා අනාවැකියක් පළකරයි.

එම මැතිවරණයේදී රට පුරා මහ නගරසභා, සහ ප‍්‍රාදේශීය සභාවන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් දෙවන ස්ථාවයට පත් වන්නේ මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් යම් ප‍්‍රමාණයක් දිනා ගන්නා එක්සත් ජාතික පක්‍ෂය බවත් ඔහු සදහන් කරයි.

මෙම මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකාවෙන් එකම පළාත් පාලන ආයතනයක්වත් දිනා නොගන්නා බවද ඔහු වැඩි දුරටත් අනාවැකි පල කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යැයි දින වකවානු සහිතව අනාවැකියක් කීම හේතුවෙන් ඔහුට එරෙහිව නඩුවක්ද විභාග වේ. කේසේ නමුත් විජිත රෝහණ මහතා කියා සිටින්නේ තමන් එවැනි අනාවැකියක් පළ කළේ ජනාධිපතිවරයා බිය ගන්වා ගව ඝාතනය නතර කරගැනීමට බවයි.

Related posts

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday

ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.

Admin

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

colombotoday