Colombo Today Local News

යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි – ආණ්ඩුකාරයා කියයි

භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලැබූ යාපනය හාර්ට්ලි විද්‍යාලයේ ශ‍්‍රීධරන් දුවාකරන්ට් සිසුවාට සුබ පැතීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පේදුරුතුඩුවේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (29) උදෑසන පැමිණියේය.

ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ආණ්ඩුකාරවරයා මූල්‍යාධාර පිරිනැමූ අතර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය වුවහොත් එයද ලබාදෙන බවට ප‍්‍රකාශ කළේය.

‘‘උතුරු පළාත ලංකාවේ අධ්‍යාපනය ප‍්‍රමුඛස්ථානය දිනාගෙන සිටියා. වසර ගණනාවක් මේ රටේ බිහිවෙච්ච බුද්ධිමතුන්, ඉංජිනේරුවරුන්, විශේෂඥයින්, කළමනාකරණ ප‍්‍රධානීන් බිහිවුණේ දකුණට ගෙනිච්චේ උතුරු පළාතෙන්. දැනුත් විශාල ප‍්‍රමාණයක් හොඳ වෛද්‍යවරුන් දකුණු පළාතේ රෝහල්වල ඉන්නේ උතුරු පළාතෙන් ගිහිල්ලා. නමුත් යාපනය ප‍්‍රදේශයේ හා අවට දූපත්වල ඇති රෝහල්වල වෛද්‍යවරුන් නැහැ. ඒක බොහෝම ඛේදනීය කාරණයක්. ඒ වගේම යුද්ධයෙන් පසු සාමය ලැබුණාට පසු අධ්‍යාපනයේ ගුණාත්මක පිරිහිමක් දක්නට ලැබෙනවා. මෙය මා දකින්නේ පරිපාලන නිලධාරීන්ගේ වරදක් හැටියටයි. මුළු යාපනයේම අධ්‍යාපනය නැවත ඉදිරියට ගත යුතුයි. යාපනයට තිබෙන එකම විමුක්තිය ඉගෙනීමයි‘‘ යැයි ද ඔහු පැවසීය.

Related posts

රාජිත ගෙන්නු නැව් අටේ ලේඛන සී.අයි.ඩි යට ලබා දෙන්නැයි නියෝගයක්

colombotoday

අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර…

colombotoday

වතුර බෝතලය බෙදා ගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු පැවරේ

colombotoday

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin

අධිකරණයේ විභාග වන නඩු වාර්තා තොගයක් රන්ජන්ගේ නිවසින් සොයාගනී…

colombotoday