Colombo Today Local News

“ගිය ආණ්ඩුවෙන් රිලව්, හරක් ඔක්කොම පොළොන්නරුවට පැන්නුවා” – ජනපති

ඉකුත් ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක කළ ඇතැම් වැරදි තීන්දු තීරණ පොළොන්නරුව අලි මිනිස් ගැටුම වඩාත් උග්‍ර වීමට හේතු වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ 22 එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

පසුගිය රජයේ සමගේ හම්බන්තොට ප්‍රදේශයේ සිටි ගවයන් පොළොන්නරුවට පැන්නූ බවත්, පොලොන්නරුවේ අලි මිනිස් ගැටුම උග්‍ර විමට එයද බලපා ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේය.

පසුගිය වසර තුන තුළ ද රජය ප‍්‍රමුඛත්වය ලබාදුන්නේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවමින් ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා බව පැවසූ ජනාධිපතිතුමා දිළිදුභාවයෙන් පීඩාවිදින ග‍්‍රාමීය ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීම වත්මන් රජය ප‍්‍රමුඛ කටයුත්තක් සේ ඉටුකරන බව ද කියා සිටියේය.

එසේම සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කිරීමේදී මනා මූල්‍ය විනයක් සහ මූල්‍ය කළමනාකාරිත්වයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා පොදු ජනතාවගේ මුදල් අපතේ නොයවා ඉන් උපරිම ප‍්‍රතිලාභ ඔවුන්ට අත්කර දීම නිලධාරින්ගේ වගකීම බව ද පැවසීය.

Related posts

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

“‘ආවා‘හැදුවේ ගෝඨාමයි“ උතුරු ආණ්ඩුකාරයා නෑ කියද්දීත් රාජිත හත්පොළේ දිවුරා කියයි

colombotoday

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday