Colombo Today Local News

“අක්බාර් ටවුන්” එඩේරමුල්ල 2 ලෙස නම් කිරීමට තීරණය වේ !

“අක්බාර් ටවුන්” ලෙස නම් කර ඇති මැතිවරණ කොට්ඨාශය “එඩේරමුල්ල 02” ලෙස නම් කිරීමට පළාත් සභා හා පළත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මහර ප්‍රදේශීය සභා බල ප්‍රදේශය තුළ ග්‍රාමසේවා වසම් 04ක් එක් කර “අක්බාර් ටවුන්“ ලෙස ගැසට් කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.

මෙම නම් කිරීමට විරෝධය පළ කරමින් එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකිමේ ව්‍යාපාරය නියෝජිතයින් පිරිසක් ඊයේ (20) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ප්‍රදේශයේ ජනතාවගේ අත්සනින් යුතු සංදේශයක් භාරදී තිබේ.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම මැතිවරණ කොට්ඨාශය එඩේරමුල්ල 02 ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

Related posts

අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම්

colombotoday

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

ජෝශප් පරරාජසිංහම් කවුද කියලවත් මා දන්නේ නෑ. – පිල්ලෙයාන් කියයි

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday