Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

උත්සව සමයේ සහල් මිල ස්ථාවර කිරීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනයට කැබිනට් මණ්ඩලය සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අවසර ලබාදී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා සඳහන් කළේ, එම සහල් තොග ලක් සතොස හා සමූපකාර සමිති හරහා පාරිභෝගිකයින්ට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් සහල් සිල්ලර මිල පවතින්නේ තවදුරටත් ඉහළ අගයක වේ.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් සහල් සඳහා පාලන මිලක් පැනවීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

තවත් ප්‍රදේශ දෙකකදී වෙඩි තැබීම්

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

රනිල්ට 54%ක්

Admin