Colombo Today Local News

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

පසුගිය නොවැම්බර් 27 වැනිදා කොටි මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතා විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 40ක වියදමින් කිළිනොච්චිය කනකපුර් කොටි මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාළ කනකපුරම් මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වශයෙන් පිළිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටී.

එහෙත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කොට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කරච්චි ප්‍රාදේශීය සභාව හා කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහවිරු සොහොන අගෝස්තු මස 08 වැනිදා ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එය වටා තාප්පය මේ වන විට අඩි 1200ක් පමණ ඉදිකරමින් පවතින අතර එය කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.

Related posts

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

Admin

කෝප් වාර්තාව නොඑයි.. මැතිසබේ ගිණියම් වෙයි.. “හොරා, හොරා“ අගමැතිට අමතනු ඇසෙයි !

colombotoday

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Admin