Colombo Today Local News

ෆොන්සේකාත් ඩයස්පොරාව සමග එක් වෙයි.. ගෝඨාභය සිරගත කර පළිගන්න හදයි – (Video)

තමන් සිරගත කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යැයි ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා සිතා සිටින බවත්, එයට පළිගැනීම සදහා ඔහු ඕනෑම බලවේගයක් සමග එකතු වීමට සූදානම් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබදව අදහස් දක්වමින් එහිමියන් මේ බව පැවසීය.

රටට නිදහස දුන් විරුවන් දෙමළ බෙදුම්වාදීන්ගේ උවමනාවට සිරගත කිරීමට යමෙක් උත්සහා කරනවානම් එය ජාතියේ අවාසනාවක් බවද උනව්හන්සේ කියා සිටියේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂක මහතා අත්අඩංගුවට ගතහොත් මහා සංඝරත්නය පාරට බැසීමට සූදානමින් සිටින බවත්, එය මේ ආණ්ඩුවේ අවසානය වන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රකාශ කර සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටෙකත් මෙරටට වැරදිකාරයෙක් නොවන බවත්, ඉදිරියේ දී ඔහු දේශපාලනයට පැමිණිය හොත් එය අභියෝගයක් වන නිසා එයට බිය වී ආණ්ඩුව මෙවැනි දේ සිදුකිරීමට පෙලඹෙන බවත් ආනන්ද හිමියන් පවසයි.

රටේ රාජ්‍ය නායකයා ලෙස දූරදර්ශී ලෙස කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, මව් බිම ආරක්ෂා කිරීමට සිටින අය ලෙස සංඝයා වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් වන බවත් උන්වහන්සේ සඳහන් කරයි.

Related posts

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

විශ්‍රාමික අයි.පීගේ ගණිකා නිවාසය වටලයි – තරුණියන් හය දෙනෙකු අත්අඩංගුවට

Admin

ශ්‍රීලනිපයේ පිංගුත්තරයො ටික ආයෙත් ආණ්ඩුවට එපා… තනි එජාප ආණ්ඩුවක් හදනවා – දිලිප් වෙදආරච්චි

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකීය ප්‍රජාවට තිළිණ වන නවතම පුවත් කළාපය Ceylon UK News අද සිට

colombotoday

අවුරුදු දිනයේ තරුණියකට සරම උස්සා පෙන්නු පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday