Colombo Today Local News

පියසිරිගෙන් විමල්ට දැඩි ප්‍රහාරයක්.. විස්කි, පොලී, ඩීල් නොකී කතා තොගයක් එළියට අදී (Video)

ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමේ ආරම්භක අරමුණුවලින් බැහැරව මේ මොහොත වන විට විමල් වීරවංශගේ පුද්ගලික අභිමතාර්ත ඔස්සේ පක්ෂය මෙහෙයවමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණට නව නායකත්වයක් අවශ්‍යව ඇති බවත් එහි ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා පවසයි. සිරස රූපවාහිනියේ “නිව්ස් ෆස්ට්“ සමග පැවති සංවාදයකදී පක්ෂ නායක විමල් වීරවංශ මහතා දැඩිලෙස විවේචනය කරමින් ඔහු අදහස් පලකළේය.

පක්ෂයේ නායකයා කුමන හෝ බලවේගයක අතකොළුවක් බවට පත්වී ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති අතර එය කුමන ඔත්තු සේවාවක්දැයි තමාට පැවසිය නොහැකි වුවද බාහිර බලවේගයක් විසින් ඔහුව හසුරුවන ලබනු බව ස්ථීර යැයිද විජේනායක මහතා පවසයි. උදාහරණයක් ලෙස බන්ධනාගාර ගතව සිටියදී පක්ෂයේ තීන්දුවට පිටින් උපවාසයක් ආරම්භ කළ බවද අවසානයේ අකමැත්තෙන් වුවද රට ඉදිරියේ පක්ෂයටද ඒ වෙනුවෙන් පෙනී සිටීමට සිදුවු බවද ඔහු පවසයි.

2010 අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු විමල් වීරවංශ මහතාගේ පෞද්ගලික ජීවිතයේ ඇතිවී තිබෙන වෙනස්කම් ඉතා හොඳින් සළකා බැලිය යුතුය. අප පක්ෂයේ පහළ සාමාජිකයෙකු රුපියල් 25,000ක හෝ 35,000ක මාසික වැටුපක් ලබන විට පක්ෂ නායකයා සාමාජිකයාගේ පඩිය තරම් වටිනා විස්කි බෝතලයක් පානය කරන්නේනම් එය කොතරම් අප පක්ෂ නායකත්වයට ගැලපෙන්නේදැයි සිතා බැලිය යුතු බවත්, ජාතික නිදහස් පෙරමුණේ සමහර නායකයින් අද වනවිට පාවිච්චි කරන වාහන දෙස බැලීමේදී ඔවුන් ගතකරන්නේ අල්පේච්ච ජීවිතයක්දැයි විමසා බැලිය යුතු බවත්. ඒ වගේම ඔහුට කෝටි ගණනින් මුදල් ලැබෙන්නේ කෙසේද? පක්ෂයේ නායකයා මුදල් පොලියට දෙන්නෙක් නම් ඔහුට අප පක්ෂ නායකයා විය හැකිද? ජනිපෙ යනු බැංකුවක් නොවන අතර එහි නායකයා පොලී මුදලාලි කෙනෙකුද නොවිය යුතු බව විජේනායක මහතා පවසයි.

විමල් වීරවංශ මහතා හට සහතික ලෙසම කුමන හෝ කණ්ඩායමක් සමග ඩීල් එකක් පවතින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදයේදී එය මනාව පැහැදිලිවු බවත් ඔහු පවසයි. එම අවස්ථාව උපයෝගී කරගනිමින් විමල් වීරවංශ මහතා හට එහි අඩුපාඩු පෙන්වා දීමට අවස්ථාව තිබුනද ඔහු එය මගහැර ගියේය. එසේ මගහැරියේ ජාතික ව්‍යාපාරයේ වුවමණාවට නොව වෙන කාගේ හෝ වුවමනාවක් ඉටු කිරීමට බවද ඔහු පෙන්වා දෙයි.

වර්තමානය වනවිට පක්ෂයේ මූලික අරමුණුවලින් බැහැරව කාට හෝ මඩක් ගසා පොඩි ආතල් එක්ක ගැනීමට බලා සිටිනා නායකයෙකු වෙනුවට අලුත් නායකත්වයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ මොහොතේ දරණය මතය බවද ඒ සඳහා විමල් වීරවංශ වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු අතර එම වගකීම දැරියහැකි පුද්ගලයෙකුට එ පැවරිය යුතු බවද පියසිරි විජේනායක මහතා කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/colomboxnews/videos/1930697627190281/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin

මා අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ – මඩ ප්‍රචාර සහ “සිංහලේ” පිළිබදව බොදුබලේ ඩිලන්තගේ මාධ්‍ය නිවේදනය

colombotoday

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin