Colombo Today Local News

පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

බොහෝ රටවල සියයට අසූ ගණනක්‌ පානය කරන්නේ බියර්. අඩු ප්‍රතිශතයක්‌ තමයි සැර මත්පැන් පානය කරන්නේ. ඒත් අපේ රටේ සියයට අසූහතරක්‌ බොන්නේ සැර මත්පැන්. අපේ රටේත් පොඩි බියර් එකක්‌ බිව්වට මම වරදක්‌ දකින්නේ නෑ. පැණි රස බීම එකට සීනි දමද්දී තමයි නිෂ්පාදකයාගෙන් බද්දක්‌ අයකරන්නේ. නැතුව සීනිවලට බදු අය කරන්නේ නෑ. පැණි බීම මිලිලීටර් 400 බෝතලයක සීනි ග්‍රෑම් 100.4 ක්‌ තිබෙනවා යෑයි ඇමැති මංගල සමරවීර මහතා කීවේය.

Related posts

ලේකම් නැතුව ඇමතිට හොරකම් කරන්න බෑ

Admin

කල්පිටිය නාවික කදවුර ආසන්නයේ තවත් මුස්ලිම් කළාපයක්.. ජාතික හා කළාපීය ආරක්ෂාව අනතුරේ !

colombotoday

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමයක් හදන්න – ගාමිණී ලොකුගේ කියයි

Admin

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday