Colombo Today Local News

මේජර් ජෙනරාල්වරු 06ක් ඇතුළු හමුදාවේ 25ක් පිටරටදී අත්අඩංගුවට ගන්නැයි සූකා කියයි

යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන් 25 දෙනකු විදේශ රටවල සංචාරයේ යෙදුණොත් ඔවුන් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය මත අත්අඩංගුවට ගන්නැයි හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා රටවල් රැසකින් ඉල්ලා ඇත.

ඇය යුරෝපයේ සෑම රටකටම බොරු වාර්තා සපයමින් මෙම ඉල්ලීම කර ඇති අතර යස්‌මින් සුකාගේ මෙම ඉල්ලීම ගැන හෙළිදරව් වූයේ පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ඩී ග්‍රෙයි කළ ප්‍රකාශයකිනි.

යුරෝපයේ රටවල් 30 ක්‌ ජාත්‍යන්තර විශ්ව සම්මුතියට අත්සන් කර ඇත. එය රෝම සම්මුතියට බාහිර නීතියකි. මෙලෙස යුද අපරාධ චෝදනා එල්ලකර ඇති නිලධාරීන් අතර මේජර් ජනරාල්වරු 6 ක්‌ වෙති.

– Divaina

Related posts

මුරුංගා කිලෝවක් රු. 3000යි

Admin

ප්‍රකාශයක් දෙන්න ගියේ නැතැයි, අල්ලස් කොමිසම නාමල්ට නඩු දමයි !

colombotoday

ආණ්ඩුවේ අභ්‍යන්තර කැරැළ්ලක් ! දෙසැම්බරයේ බළ පෙරළියක ලකුණු..

colombotoday

ආණ්ඩුව වැඩ කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි – ඇමති මනුෂ නානායක්කාර කියයි

Admin

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

colombotoday

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

Admin