Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනය කෙරේ.. ඇමති බදියුදීන් ටෙන්ඩර් කැදවයි !

වහාම ක්‍රියාත්මකවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් ආනයනය කිරීමට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඉන්දියාව, පාකිස්තානය, බුරුමය, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය හා බංගලාදේශය යන රටවලින් මෙම සහල් තොග ආනයනය කිරීමට බලාපොරොත්තු වන අතර අනෙකුත් රටවලටද මෙම ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් අනූ දහසක් (90000), සම්බා මෙට්‍රික් ටොන් හැට දහසක් ( 60 000) සුදු කැකුළු මෙට්‍රික් ටොන් පනස් දහසක් ( 50 000) ආනයනයට ටෙන්ඩර් කැඳවා ඇති අතර මෙම මස 31දා දක්වා මීට අදාළ මිල ගණන් ලබා ගන්නා එම නිවේදනයේ දැක්වේ.

තෝරාගත් සැපයුම්කරුවන්ගෙන් ආනයනය කරන පළමු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය නොවැම්බර් මස 30දා වන විටත්, ඉතිරි ලක්ෂය දෙසැම්බර් මස 30 දා වන විටත් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

විදුලි ඇමතිට රට ගමන් තහනම්.. ජනපතිගෙන් නියෝගයක්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

Admin

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලකට විකිණීම නියාමනයට ඇමතිගෙන් උපදෙස්

Admin